Saturday, September 5, 2015

ගැලැක්සි නොට් 1 E160S එකට S5 රොම් එකක් ගහමු

                     කාලෙකින් නේද හම්බෙන්නේ ඉතින්, දැන් ඉතින් මම වැඩිය බුකි ගත වෙන්නෙත් නෑ . දැන් වැඩිය යාලුවන්ට උදව් කරන්න හම්බෙන්නේ නෑ ඉතින්. කට්ටිය මන් ගැන මොනවා හිතනවද දන්නේ නෑ අප්පා.... නොට් 1 එකකට බැහැලා තින්නේ මොකද කියලා මන් ගැන දන්නා අය බලනවා ඇති.. මන් මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි ඉතින් . මන් පාවිච්චි කරන්නේ මිඩ් රේන්ජ් ෆෝන් . සුපිරි ෆොන් ගන්න සල්ලි නෑ . මන් බ්ලොග් එකට දාන්නෙත් මම ටෙස්ට් කරපු රොම් ගැන විතරයි  . පොස්ට් නම් දාන්න පුළුවන් ඇති වෙන්න එත් මට බොරුවට අමාරුවේ දාන්න ඕනේ නෑ කව්රුක් වත් .මන් ගාව තිබ්බේ එස් 3 කොරියන් 4G එකක් . කාලයක් ලස්සනට යුස් කරා . මෙන්න එක පාරටම 3.5 ජැක් එක වැඩ නෑ . තව ටික දවසක් ගියාම පවර් බටන් එක ඇතුලට ගියා. කරන්න දෙයක් නෑ . කුණු කොල්ලෙට දීලා දැන්මා ඉතින්.. ඔය වෙලාවට තමා හිතේන්නේ " මේක කරුමයක උරුමයද" කියලා . පෆොමස් අඩු උනාට අතට ගත්ත ගානට කොරියන් නොට් 1 එකක් ගත්තා ඒ කියන්නේ 160S එකක් .




                    හැමෝම දන්නවා වගේ කොරියන් OS එක යුස් කරන්න ටිකක් අමාරුයි ලංකාවේ , මොකද
  • සිග්නල් අව්ල් එනවා 
  • කෝල් ඩ්‍රොප් වෙනවා 
  • මැසේජ් වල චැටර්ස් 80 යි ගහන්න පුළුවන් 
  • හෙන කොරියන් ඇප් තොගයක් තිනවා 
  • ඒ කොරියන් ඇප් ටික දවසෙම රන් වේවි අපිටත් නොදැනීම රැම් එකබොනවා
එකම මල විකාරයක් නේද?? වැඩේට බැහැලා මේක අපි ගොඩ දාගම්මු.. රිස්ක් එකක් අනිවා තිනවා ..
අවදානමක් දරන්නම වෙනවා ප්‍රතිලාබයක් ලැබෙන්න   > මොකටද බොරුවට කඩේට 1200ක් විතර දෙන්නේ . මේක ටිකක් ලස්සන සුපිරි රෝමක් . කිසිම බග් එකක් නෑ . මන් කිව්වා ලෙඩ ඔක්කොම ෆික්ස් වෙනවා

මම මේක ටෙස්ට් කරේ නම් ඉතින්  SHV-E160S එකක හොදේ...
රිකවරි එක දැන්ම ගමන් දැන් යුස් කරන OS එක, රිකවරි වල තින බැකප් ඇන්ඩ් රිස්ටෝ ඔප්ෂන් එකට ගිහින් බැකප් කරගන්න හොදේ..
  • පොඩි අව්ල්කට තින්නේ ෆ්‍රී රැම් එක ඉතුරු වෙන්නේ 160MB වගේ . ටිකක් රැම් එක නම් ගන්නවා හැබැයි 

මෙන්න මේ ටික කරගන්න මුලින්.. 

ෆෝන් එක රූට් කරගන්න >> මෙන්න මේ විදියට

ඊට පස්සේ රිකවරි දාගන්න ඕනා >> එකත් මෙහෙම 

දැන් මේ රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න >> ඩව්න්ලෝඩ් කරගන්ඩෝ............

රිකවරි මොඩ් එක ගැන දන්නවනේ . රිකවරි එකේ ටච් එක වැඩ නෑ වොලියුම් කි වලින් එහා මෙහා ගිහින් පවර් බටන් එකෙන් සිලෙක්ට් කරන්න තින්නේ 

  • දැන් රොම් සිප් එක ඉන්ටනල් මෙමරි එකට දාගන්න 
  • ෆෝන් එක ඔෆ් කරන්න
  • රිකවරි යන්න මෙන්න මෙහෙම 

  • සිප් එක තෝරලා දීලා ඉන්ස්ටෝල් කරන්න ( ෆ්ලෑෂ් කරන්න ) - install zip from....
  • රිකවරි එකෙන්ම ෆෝන් එක රීසෙට් කරන්න
  • ෆෝන් එක රිබුට් කරන්න ..
දැන් ෆෝන් එක පොඩි වෙලාවක් ගිහින් ලස්සනට ඔන් වෙයි . වැඩේ හිතන තරම් අමාරු නෑ පට්ටම ලේසි..

මන් ස්ක්‍රීන්ශෝට් ටිකක් ඇඩ් කරන්නම් 



                                      




















  • මෙන්න රොම් එක ගැන වැඩි විස්තර තියෙන ලින්ක් එක.. මේකත් අනිවා බලන්න .
 අනිවා දෙපා ගිහින් බලන්න

පස්සේ හම්බේමු....
  •  

2 comments: