Wednesday, December 25, 2013

ජෙලි සිහිනය

           අද මන් දෙන්නම් තවත් හොද රෝමක් රේ එකට . මේකත් පට්ටයි , බග් නම් නෑ පට්ට ස්පීඩ් , බට්ට්රි ලයිෆ් එකත් හොදයි , වැඩිය රැම් එක බොන්නෙත් නෑ . සිංහලත් අයේ ගින්දර / ගහලා බලන්නම වටිනවා , ජෙලි කිව්වට ජෙලිම නෙමේ ඉතින් මේක මික්ස් රෝමක් , අයිස් තමා වැඩිපුර රන් වෙන්නේ . එහෙම කියන්න වරදක් නම් නෑ . කතා ඇති රෝම ගැන බලමු දැන්



Saturday, December 21, 2013

ලස්සනම රොම් එකක් = PXHD

                                         මේක තමා මන් මේ දවස් වල යුස් කරන්න රොම් කැල්ල . ලස්සනයි ෆාස්ට් ඇන්ඩ් ස්මුත් . රැම් එක බොන්නෙත් නෑ . හොද බට්ට්රි ලයිෆ් එක්ක න්තිනවා , මේක නම් ඇත්තටම පට්ටයි . මේක නම් අයිස් රෝමක් හොදේ . ඒ උනාට මේක නියම රෝමක් . 2011 සෙට් එකට නියම රෝම තමා UHD . එක වහෙම මේකත් හොදයි ඉතින්



ටිකක් වෙනස් රෝමක් රේ

                                       මන් අද දෙන්නම් ටිකක් වෙනස් ආකාරයේ රොම් කැල්ලක් . අයිකන් පැක් එකත් හෙනම වෙනස් . මේක ඇත්තටම මික්ස් රොම් එකක් . ඒ කියන්නේ අයිස් + සයනොගේන්මොඩ් = අයිස්ඩ් බින් / නරක නෑ හොද රෝමක් / හොද ස්පීඩ් එක්ක වගේම ස්මුත් ගතියක් තිනවා . කියන්න එහෙම නරකක් නම් නෑ . බග් නෑ . අලුත් ෆිචර්ස් ටිකක් එහෙම තිනවා



Friday, December 20, 2013

ඔන්න 4.3 රේ එකට ගැහුවා

                                   ඔන්න අද මන්දෙන්න යන්නේ සෝනි අයගේ ලාස්ට් උප්සෙට් එක තින රෝමක් හොදේ . අපිට කොයින්ද 4.3 ඔෆීෂියල් බුල් බල්ලෝ , කමක් නෑ 4.3 වගේම තමා මේකත් . ඒ ගැන දුක් වෙන්න එපා . මේකේ බග් නම් එහෙම මට සෙට් උනේ නෑ . පට්ටම ස්පීඩ් . රැම් එක කනවා පට්ටේටම අඩුයි . ඒ හින්ද බට්ට්රි ලයිෆ් එක ඉතා හොදයි

විශේෂයෙන්ම කියන්න ඕනා මේක සයනොගේන්මොඩ් රොම් එකක්



Monday, December 16, 2013

අලුත් රොම් එකක් >> වයිප V6

                     මට ඉතින් රොම් ටිකක්  මාසෙට අනිවා ගහන්න ඕනා , එක ලෙඩක්ද කොහෙද ?? හැමදාම මට එකම ඉන්ටෆෙස් එක දකින්න කිසිම ආසාවක් නෑ . එකට ඉතින් android තමා ගැලපෙන්නේ . වෙන os එකක් නැනේ . ඒ වගේ ආසාවකට ගැහුවා එකක් එකේ නම වයිප . ටිකක් පොලොන් නමක් වගේ :v විකාර ධෝඩවන්නේ නැතුව මේක ගහන විදිය බලමු



Friday, December 13, 2013

ඇප් SD කාඩ් එකට මුව් කරමු

                   අද මන් දෙන්නම් වටිනා කියන දෙයක් . සමහරුන්ට නම් මහමෙරක් වටිනවා . සමහරුන්ට නම් කිසිම ඕන කමක් නෑ මේ ඇප් එකෙන් නම් . දුප්පත් අපිට මේක ඉතා වැදගත් . ඒ කිව්වේ මේකයි ඇප් සදහා වෙන් කල ඉඩ අඩු ප්‍රමාණයක් පැවතීන ෆෝන් වලට මේක ඉතා වැදගත් , මේ වගේ ෆෝන් වල ඇප් දාන්න දාන්න අපේ ෆෝන් එක ටිකක් ස්ලෝ වෙනවා වගේම ඉඩත් නැති වෙලා යනවා .

එකට තින එකම විසදුම තමා ඇප් ඩව්න්ලෝඩ් කරලා චිප් එකට මුව් කරන එක 

එකට රූට් කරලා තින්න ඕනෑමයි 


රේ එකට හොද රෝමක් අතාරිමු >> සෙලික්‍රීම්

                                     රේ එකට හොද රෝම් ගැන කියනවානම් වැඩිය හොද රොම් නෑ . හොදම සුපිරිම එක තමා UHD , මන් එක ඔයාලට දුන්නනේ . අද දෙන්නේ ඊළගට තින හොදම රොම් එක . එකත් නරකම නෑ . පට්ටයි හෙන ස්මුත් . කතන්දර ඕන නෑ වැඩේට බහිමු . බග් නම් නෑ



ඕනෑම ෆෝන් එකක් අන්රුට් කරමු ගේමක් නැතුව

                                     අද මන් දෙන්න යන්නේ ටිකක් විතර වෙනස් දෙයක් . ඒ තමා අන්රුට් කිරිල්ල
සිරාවට අහන්නේ රූට් කරාම ඇත්තටම මොකද වෙන්නේ ?? රූට් කරාම android සිස්ටම් එකට ඇතුළු වෙලා අපිට විවිද වෙනස් කම් කරගන්න පුළුවන් . එතකොට අන්රුට් කරාම වෙන්නේ සිස්ටම් ඇතුළු වෙන්න හම්බුනා පමිෂන් එක නැති වෙන එක තමා . ඒ කියන්නේ රූට් ධොරක් ඇරියා වගේ නම් අන්රුට් ධොරක් වැහුවා වගේ :v



ඇයි  අපි අන්රුට් කරන්නේ ???


Friday, December 6, 2013

රේ එකට OTG >> මොකද හිතෙන්නේ

                      අද බලන්න යන්නේ රේ එකට OTG සපෝට් කරන්න හදාගන්න විදිය . මේක නම් කියලා වැඩක් නෑ ලොවෙත් හෙනම වටිනවා . වටිනාකම කියල වැඩක් නෑ . මොකද මේකෙන් අපිට ෆොන්  එකට පෙන් , කීබෝඩ් , මව්ස් , ජෝයිස්ටික් ඇතුළු USB තින හැම මගුලම ගහන්න පුළුවන් . OTG කියන්නේ >> ඔන් ද ගෝ   රේ ඒක කියන්නේ OTG වලට සපෝට් කරන ෆෝන් එකක් නමේ . මොකද OTG ආපු ම කාලේ තමා රේ එක අවේ >> OTG 2012 ෆෝන් සෙට් එකේ ඉදන් තිනවා . එච්චර ඕනේ නෑ 2011 ආක එස් එකෙත් OTG තිනවා .ඒවාට පෙන් ගහන්න bl අන්ලොක් කරන්නවත් රූට් කරන්නවත් කිසිදු ඕනෑකමක් නෑ >> එත් රේ කට හදාගන්න නම් ,



Thursday, December 5, 2013

සිස්ටම් UI දෙකක් + බුට්ලෝඩර් රිලොක් >> රේ

               මම අද මුලින්ම දෙන්නම් එක්ස්පෙරියා රේ එකේ bl රිලොක් කරන ෆ්ට්ෆ් එක . මේකෙන් මොකද වෙන්නේ කියලා මේක ගැන හොදට දන්නා අය දන්නවා . bl අන්ලොක් කරා වගේම ලෝක් කරන්නත් ක්‍රමයක් තින්නත් එපැ . මේ ඒ ක්‍රමය

               මෙන්න මේ ෆ්ට්ෆ් එක ෆ්ලෂ්ටුල් එකේ ෆ්ලශ්මොඩ් එකෙන් ෆ්ලෑෂ් කන්න එච්චරයි කරන්න තින්නේ ( ෆ්ලෂ්ටුල් එකේ ෆ්රිම්වෙයා ෆෝල්ඩර් එකට දාලා තින්න ඕනා ෆ්ට්ෆ් එක අනිවා ෆ්ලශ්මොඩ් එකෙන් කනෙක්ට් කරන්න ඉස්සල්ලා ) නැත්නම් >> ෆ්ලෂ්ටුල් එකෙන් මේක පෙන්නන්නේ නෑ

ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගන්න

ටෙස්ට් කරේ නම් නැ . ඒ උනාට මේක තමා ෆ්ට්ෆ් එක <3 <3

>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<<<<<<<||||||||||||||||||||

මොන ඩේ කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් දාගෙන ඉන්න >> මේ ඔක්කොම ටෙස්ට් කරේ රේ එකේ අයිස් වල තමා 

>>> ඔන්න සිස්ටම් UI එක ගන්න බලන්න



Monday, December 2, 2013

රේ එකට ගහපු හොදම රෝම් එක >> UHD

                   කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනා . වැඩ වැඩ ඉවරයක් නෑ කොම් එක ඔන් කරන්නවත් . රේ එක නේ ???

මොකද මේ රේ එකක් U එකට මොකද උනේ ?? >> U එකත් එක්ක ඔට්ටු උන කාලේ ඇති කියලා හිතුනා . ඒ හින්දා වෙන ෆෝන් එකකට මාරු වෙන්න උනා . :D 

ඇයි යකෝ තෝ 2012 න් 2011 ගියේ >> මන් ගියේ හිතේ තින ආසාවට තමා වෙන නම් කියන්න හේතුවක් නෑ 

ඔන්න බොලගේ ප්‍රශ්න වලට මන් උත්තර දුන්නා . එහෙනම් දැන් රේ එකත් එක්ක ඔට්ටු වෙමු



Sunday, November 24, 2013

2011 සෝනි ෆෝන් වලට ෆෝන් එකෙන්ම රිකවරි දාගම්මු

                                       හැමෝටම තින ප්‍රශ්නයක් තමා ලේසියෙන්ම රූට් කරගන්නත් පුළුවන් එත් රිකවරි එක දාගන්න බැනේ >> 2011 සෙට් එකට )) අද බලන්න යන්නේ ඒ ලෝක  ප්‍රශ්නෙට විසදුමක් වැඩේ ලේසි විනාඩියෙන් වගේ රිකවරි එක ෆෝන් එකට ඔබාගන්න පුළුවන් .



වැඩි පණ්ඩිත කතා ඕන නෑ කරලම බලමු



Wednesday, November 13, 2013

සාම්ප්‍රදායික ජෙලි රොම් වලින් බැහැරව -->> සෝනි U

                                   අද මන් දෙන්නම් වෙනස්ම ආකාරයේ ජෙලි රෝම් එකක් , ඇත්තෙන්ම සාම්ප්‍රදායික රොම් වලින් වෙනස්ම රෝම්  එකක් දාලා බැලුවාම එක ඔයාලටත් එක තේරෙයි . මේක හොද ස්පීඩ් එකක් තිනවා . ස්ලෝ ගතිය නම් අඩුයි . රැම් එකත් මහා ලොකුවට විනාස කරන්නේ නෑ . බට්ට්රි ගැන කියන්නත් මහා ලොකු අව්ලක් නෑ . ඇත්තෙන්ම රොම් එක නම් පට්ට

මේක ගහන්න = රූට් කරලා - CWM දාලා - BL අන්ලොක් කරලා තින්න ඕනා 


  • මොන ඩේ කරන්නත් බැකප් එකක් අරන් ඉන්න දැනට යුස් කරන රෝම් එකේ හෝ වේවා ස්ටොක් එකේ හෝ වේවා 
  • මේක ගහන්න ගියාම හැම දේම නැති වෙනවා -- මැසේජ් කන්ටැක්ට් වගේ දේවල් . ඒවත් බැකප් කරගන්න 
දැන් බලන්න යන්නේ මේ රොම් එකේ බග් මොනවද කියලා


  • ලයිට් බාර් එක නම් වැඩ කරන්නේ නෑ කොහෙවත් . අපිට එක හදාගන්න පුළුවන් ඇල්බම් , මියුසික් ප්ලේයර් කියන දෙකේ වැඩ කරන්න ඒ මෙහෙමයි මේ ඇප් එක දාගන්න
  • දෙවැනි එක තමා මගේ V2 එකේ ෆ්රෝන්ට් කැම් එක වැඩ නෑ . එත් මන් ඔයාලට දුන්න V3 එකේ එක ෆික්ස් කරලා කියලා පැහැදිලිව කියල තිනවා . ( මන් මේ රෝම ඩව්න්ලෝඩ් කරලා ගොඩක් කල් ගහන්න ගියේ නැනේ  )






Monday, November 11, 2013

නොකියා හැක් , සිංහල සහ බොහෝ දේ

                                    නොකියා  හැමෝටම තින  අව්ලක්  තමා මෙන්න මේක



Sunday, November 10, 2013

සුපිරි ගනයේ CM රොම් එකක් ---->> සෝනි U

                                    මන් ඉස්සල්ලා කිව්වනේ රොම් දෙකක් ගැහුවා කියලා , මේ ඒ දෙවැනි රොම් එක . මේක ඇත්තටම cm රොම් එකක් , මේ රොම් නම් රැම් එක කනවා නම්  ලොවෙත් අඩුයි, ඉන්ටෆෙස් එකත් ලස්සනයි හොදයි , දකින්න  ප්‍රියයි
වැඩි කතා ඕන නෑ රොම් එක ගැන බලමු



මේ රොම් එක ගහන්න නම් ----->>

තවත් හොද වර්ගයේ රොම් එකක් --->> සෝනි U

                                  හැමදාම ස්ටොක් එකෙත් ඉන්න බැනේ , මමත් එහෙම තමා , ගැහුවා රොම් දෙකක් කාලෙකට පස්සේ (අනිත් රොම් එක ගැන තව පොස්ට් එකකින් කියන්නම් )   එහෙම හොදින් ඒ අව්ලක් නැනේ , මන් අද දෙන රොම් එකක් jb 4.1.2 රොම් එකක් , මේක ගැන කියන්න නම් කිසිම අව්ලක් සෙට් උනේ නෑ.. හොදයි ස්පීඩ් එක අතිනුත් නරකම නෑ , රැම්  එක වැඩිය කන්නෙත් නෑ අයිස් වගේ

ඇත්තෙන්ම කියනවානම් මේක සෝනි P ---->>  jb වලින් පොර්ට් කරපු රොම් එකක්



Friday, November 1, 2013

U එක ලස්සන කරමු

                                       කව්රුත් දන්නවනේ ලස්සන කරනවා කියන්නේ මොඩිෆිකේෂන් කියලා ලොවෙත් , මන් දෙන්නේ සෙටින් එකයි සිස්ටම් ෆොන්ට් එකයි වෙනස් වෙනස් කරලා ෆෝන් එක හැමතිස්සෙම ඔබ ඔබ ඉන්න පුළුවන් ආසාවෙන් ..

                                        මම අද දෙන්න යන්නේ ZU විදියට සෙටින් හදාගන්න හැටි

මේක කරන්න නම් ලොවෙත් # රූට් වෙලා # cwm දාලා තින්න ඕනා

එහෙනම් කරන විදිය බලමු , තමන්ට කැමති පාටකින් සෙටින් එක හදාගන්න පුළුවන් ඕන විදියකට

මුලින් ම සුදු පාට 




Thursday, October 31, 2013

එක්ස්පොස්ට් ගැන හොදට දැනගන්න

                        මේ දවස් වල නම් පොඩ්ඩක් කාර්ය බහුල නිසාවෙන් අලුත් දෙයක් නම් දෙන්න බැරි උනා , අද මම ඔයාලට දෙන්නම් අලුත්ම දෙයක් ඒ කියන්නේ අංග සම්පුර්ණ පව මෙනු එකක් හදාගන්න හැටි .. මගේ පව මෙනු එකේ නම් තින්නේ ෆෝන්  එක ඔෆ් කරන්නයි ස්ක්රින්ශෝට් ගන්නයි තමා. ඔයාලගෙත් එහේම නම් අපි එක වැඩි කරලා මොඩ් කරලා අද ගම්මු බලන්න .

මේක කරන්න නම් රූට් ඕන කරනවා

අපිට මේක කරන්න ඇප් එකක් ඕන කරනවා . මුලින්ම ගම්මු බලන්න ඒ ඇප් එක

ඩව්න්ලෝඩ් කරගන්න

එහෙනම් මේ ඇප් එක නෝමල් ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරන්න එතකොට එන්නේ මෙන්න මෙහෙම



Monday, October 21, 2013

IDM තියාගමු සදාකාලිකවම

                                     මන් IDM එක පට්ට දුකක් විදලා තමා හදාගත්තේ ඒ හින්දා මම දන්නවා මේක ගැන හොදට , අද බලමු ඔය ෆ්‍රී ට්‍රයල් දෙන IDM එක සදාකල් තියාගන්න විදිය / හැමෝම දන්නවා ලෝකයේ හැමෝම යුස් කරන්නේ IDM කියලා හැම මගුලම ඩව්න්ලෝඩ් කරගන්න , ඒ තරමටම එක ස්පීඩ් හොදයි , ඒ උනාට මේක ෆ්‍රී නම් දෙන්නේ නෑ  දින තිහේ ට්‍රයල් එකක් තමා දෙන්නේ ,


  • මේක කරන්න ඉස්සල්ලා කොම්පියුටර් එකේ වයිරස් ගාඩ් ඩිසේබල් කරලා ඉන්න 



Sunday, October 20, 2013

රූට් නොකරපු ෆෝන් එකකින් සිංහල සබ් එක්ක ෆිල්ම් බලමු

                            අද මන් දෙන්නම් රූට් නොකරපු 4න් එකකින් කරන්න පුළුවන් දෙයක් ගැන , සාමාන්‍යයෙන් ගොඩක් අය රූට් කරන්න පොඩි පැකිලීමක් තිනවා , දැන් දන්නේ නැද්ද අන්ද්රොයිඩ් 4න් කොම්පියුටර් වගේනේ ,  ඉස්සර කොම්පියුටර් එකෙන් කරපු  දේවල් දැන් 4න් වලින් කරනවා / ඒ වගේ එකත් තමා ෆිල්ම් බැලිල්ලත් , රූට් නොකරපු 4න් අන්ද්රොයිඩ් එකට සිංහල සබ් එකක් ඇඩ් කරන හැටි තමා මේ ,

                             රූට් කරපු 4න් වලට මේ අව්ල නෑ / ඒ ගොල්ලන්ට පුළුවන් සිස්ටම් එකටම සිංහල ෆොන්ට් එක දාන්න , එතකොට මුළු 4න් එකේ හැම තැනකම සිංහල සුපිරියටම වැඩ අහන්න දෙයක් නෑ

ඔයාලට ෆිල්ම් බලනකොට තින ප්‍රශ්නයක් තමා සිංහල සබ් පෙන්නන්නේ කොටු කොටු විදියටනේ , අද ඉදන් එක නැත්තටම නැති කරලා දාමු,

මෙහෙම සිංහල ඇඩ් කරන්න පුළුවන් අපිට MX ප්ලේයර් එකට විතරයි , මේක අරන් නැති අය දැන් ගන්න

ගන්න

දැන් වැඩේ පටාන් ගමු

මන් කියා දෙන්නේ සිංහල සබ් එකත් ඇඩ් කරන ගමන්ම සිංහල බලන හැටි , ඔයාලගේ ෆිල්ම් එකේ සිංහල සබ් එක තිනවාන්ම් (එකත් පෙන්නන්නේ කොටු කොටු නම් ) ෆොන්ට් එක විතරක් දැම්මම හොදටම ඇති 

මෙන්න මගේ කොහොමද ???? 



Wednesday, October 16, 2013

හෙන ගැහුවා වගේ පට්ට බිට්ස් සව්න්ඩ් --->> වයිප වයිප ....

            මේක තමා මට හම්බුනා පට්ටම පට්ටම සව්න්ඩ් මොඩ් එක අයෙ කියලා වැඩක් නෑ, සව්න්ඩ් ගැන නම් සද්දේ නම් තිනවා අයෙ කන් දෙක හිල් වෙලා යන්න , ඒ වගේම මේ සව්න්ඩ් මුළු 4න් එකටම වැඩ.. ටික වෙලාවක් යනකොට කන් දෙක දෙදරනවා.. ඒ තරමට පැහැදිලි සව්න්ඩ් , ක්ලිය බේස් , කියලා වැඩක් නෑ.. දාගන්න ඕනා.. නිකමට මන් කියනවට දාගන්න, මට පින් දෙනවා අයේ ලොවෙත්.

මන් සව්න්ඩ් ප්රෝපයිල්,apk ඔක්කොම එකට එක පැක් එකක් විදියටපොස්ට් එක යට දීලා තියෙන්නේ . එතනින් තමන්ට අදාල ඒවා තෝරාගන්න. ඕනා ඒවා ඉන්ස්ටෝල් කරගන්න

අන්ද්රොයිඩ් OS එක රන්වෙන ඕනම 4න් එකකට මේක ලොවෙත් වැඩ කරනවා / බය වෙන්න එපා

cwm බැකප් එකක් කරනවානම් වඩා හොදයි

ඇත්තටම මේක හොයාගත්තේ ෆෙස්බුකියේ මොබයිල් ස්ටාෆ් ගෘප්  එකේ ඉන්න යශෝධ හේමාල් සහෝදරයා

ඇත්තටම මේ විකාරේ මට සවිස්තරාත්මකව පැහැදිලි  කරලා දුන්නේ මෙන්න මෙයා ---->> නුවන් දිනේෂ්ක







# මියුසික් ප්ලේයර් එකට
  • වීඩියෝ ප්ලේයර් එකට ------>> හැම මගුලටම මේක වැඩ..

200% ජෙලි බින් 2 කොටස ------->> සෝනි U

                             අදත් මම දෙන්නම් බග් නැතිම සුප්පිරිම රොම් එකක්.. මේකේ එකම අව්ල තමා රැම් එක තමා, ඒ කියන්නේ පොඩ්ඩක් විතර කනවා.. ඒ උනාට වැඩ කරන්න ස්පීඩ් එක ඇති හොදටම ලොවෙත්..



                   *** එහෙනම් අපි මේ රොම් එක ගැන බලන්න පටන් ගමු ***

Saturday, October 12, 2013

බග් අඩු ස්පිඩ්ම රොම් එකක් ----->> සෝනි U

               ඉදලා ඉදලා කම්මැලිකමටත් එක්ක මන් රොම් එකක් ගහලා දැම්මා , නරකම නම්  නෑ හොදට රන් වෙනවා බලමු අද එක ගැන . මේ තමා සෝනි P එකෙන් පොර්ට් කරපු ජෙලි V5 රොම් එක.. දැන් නම් V6 එකත් ඇවිල්ලා.


සෝනි U අයිස් අප්ඩේට් එක ගැන විස්තරාත්මකව

                        කව්රුත් ආසයි අප්ඩේට් එකක් ආවාම එක දාගන්න,ඒ වගේම සෝනි U එකටත් අප්ඩේට් එකක් දුන්නා ඒ අයිස්.. අපිට ජෙලි  දුන්නේ නැනේ , එකනේ තියාගෙන රොම් ගහන්නේ , අප්ඩේට් එක නොදෙන්න නම් හේතුවක් තමා අපේ GPU එක.. දැනට තින අලුත්ම GPU එකක් තමා U එකට තින්නේ, සෝනි J කව්රුත් දන්නා 4න් එකක්, මේකට ජෙලි හම්බුනා එකත් 512 රැම් එකක් තින 4න් එකක් , එක ට ජෙලි හම්බුනේ GPU එක පරණයි ජෙලි අව්ලක් නැතුව දුවන්න පුළුවන්, U එකේ රැම් එක 1GB වෙන්න ඕනා ජෙලි දුවන්න , එකනේ සෝනි P එකට හම්බුනේ ජෙලි. ඔන්න ඕකයි ජෙලි කතාව සෝනි අය කියන විදියට ..

                        එත් කව්රුත් දන්නා XDA එක, U එකට රොම් වැල් පිටින් එවනවා


                 
   









   දැන් බලමු අයිස් එක ගැන, සෝනි කාරයෝ අපිට අයිස් වශන් හතරක් දුන්න හරියටම දැනට නම්, ඒ තමා

# .10 

# .54 

# .89 

# .100 අන්තිම එක 


Tuesday, October 8, 2013

200% ජෙලි බින් හමුවීම --->> අහම්බෙන් වගේ සෙට් උනා

                       මට හම්බුනා ඉදලා ඉදලා හොදම රොම් එක සෝනි U එකට කිසිම අව්ලක් නෑ 

  •  ලයිට් බාර් වැඩ
  •  බට්ට්රි සේවින් උපරිමයි 
  •  රූට් එක්ස්ප්ලෝරර් වැඩ 
  •  සව්න්ඩ් එහෙම පට්ට කොලිටි, මියුසික් ඇල්බම් මුවිස් අලුත්ම අප්ඩේට් තින්නේ
  •  ගේම් ගහන්න නම් මරු ග්‍රැපික් නම් ගින්දර
  • සිංහලත් අව්ලක් නම් එහෙම නෑ 
  • ෆ්රෝන්ට් කැම් එකත් එලටම වැඩ 
  • රැම් එකත් හොදට ක්ලින් කරන් ඉන්නවා

Wednesday, October 2, 2013

අති සාර්ථකම ජෙලි රොම් එකක් =>> සෝන් U

                      මේක තමා U එකට සෙට් වෙන හොදම ජෙලි රෝම අයෙ ලොවෙත්,ගහපු අය එක හොදට දන්නවා,කාලයක් යුස් කරන්න පුළුවන්... හැමදේම හොදයි අව්ල් ගැන අහන්න එපා දැනට නම් අව්ලක් නැතුව හොදට මගෙත් රන් වෙනවා,සති 2 ක් විතර.. (මේ පොස්ට් එක දාන දවසට) මේ නම් ගහලා බලනන්ම වටින රොම් එකක් ,  ඔබ සෝනි u රොම් හොයන්නෙක් නම් අනිවා මේක ගහලා බලන්න, නිකමට මන් කියනවට..




Tuesday, October 1, 2013

වාව්.. වාව්... සෝනි U Z1 රෝමක්

                 අද මම දෙන්නම් පට්ට පට පට රොම් කැල්ලක්,මේක නම් ගින්දර බග් එහෙම නම් නෑ,එලටම වැඩ... කාලයක් යුස්ඩ් කරපු රෝමක් තමා මේක,ඒ තරටමටම මේක 4න් එකට සෙට් වෙනවා , ලස්සනයි ස්පීඩ් බග් නෑ සිංහලත් අව්ලක් නෑ බට්ට්රි සේවින් හොදයි (ලස්සනට රැවටෙන්න එපා කිව්වට මේකට නම් ඇත්තටම රැවටෙනවා  <3 )

                 හොද නරක මන් විතරක් බලලා වැඩක් නැනේ,ඔයාලටත් දෙන්නම් මේ ලස්සන රොම් එකේ ලස්සන බලන්න,අකමැත්තක් නැනේ.

එහෙනම් අපි වැඩේට බහිමු..

මේක ICS .100 බෙස්ඩ් රෝමක් හොදේ, ICS .100 නැතුව පණ්ඩිතකමට ගහන්න ගිහින් 4න් එකට කෙලවගන්න එපා.

ICS .100 කිව්වේ මෙන්න මේක.


මෙන්න මෙහම තිනවානම් රෝම ගහන්න ඔයාලට දැන් පුළුවන්

ඩයලොග් ෆෝන් වල සෙකන්ඩ් සිම් එකේ 3G ඕන් කරමු

                        අද මන් කියලා දෙන්නම් ඩයලොග් සෙකන්ඩ් සිම් එකේ3G ඔන් කරන හැටි,ඩයලොග් කාරයෝ සිම් 1 එකට විතරනේ ඒ පහසුකමදීලා තින්නේ, මේ ක්‍රමය මට කියා දුන්නේ ෆෙස්බුකියේ ඉන්න පට්ට ඩයල් එකක් , Shehan Dulanjaya ඔන්න ඉන්නවා,



      ----?????       දැන් බලමු අපිකරන විදිය  -------????????

  • එහෙනම් 4න් එක අතට ගන්න,

ඩයලොග් ෆෝන් වලට සිංහල දැමීම

                     අද කියා දෙන්නම් මේ 4න් දෙකට රූට් කරන හැටි කියා දුන්න විදියටම සින්හල දාන හැටිත්,මේ ක්‍රමය මට කියා දුන්නේ ෆෙස්බුකියේ ඩයලොග් i35 ක් තින මෙන්න මේ ඩයල් එක, Isuru Gurugedara  ඔන්න කෙනා ඩයලොග් 4න් මස් කරපු කෙනෙක් :ඩි

                     --------?? අපි දැන් බලමු කරන විදිය ??---------

මෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්න ඕනා මුලින්ම,

Thaana Font Installer ★ Root

දැන් ඕක ගත්තානේ,

සොට්වෙයා එක ඕපන් කරාම මෙන්න මේක පෙන්නයි,


Monday, September 30, 2013

SSROM --------->> SONY U

              අද දෙන්නම් බග් අඩු සුපිරි ස්පීඩ් හොද පට්ට රොම් එකක්.මේක සෝනි U එකට ගැලපෙනම රොම් එකක් ලොවෙත්,ගහලා බලමුකෝ.. ඕන කරන ඒවාත් දෙන්නම් බය වෙන්න එපා..
ඔයාලා ගහපු ලස්සනම රොම් එක වෙනවා මේ රොම් එක නම් ලොවෙත් බලමුකෝ මන් කියන්නේ බොරුද කියලා,

මේ රොම් එක ICS .100 බෙස්ඩ් රොම් එකක්,මේක ගහන්න නම් ඔයාලගේ 4න් එකේ ics බිල්ඩ් වෂන් එක .100 වෙන්න ඕනා.


මෙන්න මෙහෙම වෙලා ඇතින්න ඕනා ඔයාලගේ ICS වෂන් එක..


Thursday, September 26, 2013

ඔන්න එපා කරපු රූට් කරදරයට නිමාවක් ====>> ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රුට් කල හැක

                                  මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක්  එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..

                                    අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු  විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන්  රූට් කරන කොට 3 පාරක් 4 පාරක්  4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->> දැන් ඒ කාලය ඉවරයි

ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ  (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා 

                                     දැන් බලමු මේ අලුත් ක්‍රමය මන් ටෙස්ට් කරේ නම් සෝනි U ICS .100 සහ .54 , හැබැයි මට මේ ක්‍රමය කියා දුන්නේ සෝනි P එකක් තින ෆෙස්බුකියේ Hasitha Indrajith   මෙන්න මෙයා, හුට අපගේ විශේෂ ස්තුතිය... සමහර විට මේ ක්‍රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය 

                                     දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>

ගන්න මෙන්නමේ සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.

මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්‍රීසි වෂන් එක තිනවා >> ඔන්න අරගන්න

මේක කරන්න නම් ෆෝන් එකේ 

1. USB ඩේබුන්ග්

2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල 
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා 


  • තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි 


උපුටා ගැනීම් සපුරා තහනම්



 

Sunday, September 22, 2013

පට්ට ස්පීඩ් රොම් එකක් ====>> SXU

                  ඔයාලට මන් එදා දුන්නානේ .100 රූට් කොරන හැටි, අද මම දෙන්නම් දැනට තින හොදම .100 ICS බෙස්ඩ් රොම් එකක් සෝනි U සේටාර් එකට, මේක නම් පට්ට ස්පීඩ් රොම් එකක්, හොද බෙම්ච්මාර්ක් රිසාල්ට් එකකුත් දැම්මා..රොම් එක නම් ගින්දර කිසිම අව්ලක් නෑ.. බය නැතුව ෆ්ලෑෂ් කරන්න,



Saturday, September 21, 2013

සෝනි U => 6.1.1.B.1.100 / 6.1.1.b.1.89 රූට් කරමු

               සෝනි U .100 / .89 කියන්නේ බග් ෆික්ස් ICS අප්ඩේට් .  4න් එක නම් ටිකක් ස්පීඩ් මේවා යේ නම් ? දන්නවනේ සෝනි U වල ICS වල තරම කට්ටියම, රැම් එක බොන ලෙඩේ එහේම්මමම්යි.


Thursday, September 19, 2013

ජෙලි අලුත්ම වශන් එක --> 6.2.A.1.100

                  මන් ඔයාලට මුලින්ම ජෙලි 6.2.A.0.400 රොම් එක දුන්නා, මට මේක පස්සේ හම්බුනේ. කමක් නෑ එකත් බලමු. (.100 කියලා පරණ නෑ අලුත්ම එක )

                  මේක ජෙලි 6.2.A.1.100 රොම් එක.. මේකත් ඔර්ජිනල් ජෙලි වගේමයි,ඔයාලා එක ඉස්සල්ලා පොස්ට් එකෙන් දැක්කනේ
මේකත් අර වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් නම් තිනවා,අව්ලක් නම් නෑ මහා ලොකුවට ෆ්රන්ට් කැම් එක නම් වැඩ නෑ. ඒ කියන්න ස්කයිප් වලට සොරිම තමා.

                  තව අව්ලක් තිනවා ඒ කියන්නේ .100 රොම් එක ගැහුවාම ගහපු රොම් එක cwm එකෙන් බැකප් කරගන්න බෑ.. මගේ නම් බැකප් කරගන්න බැරි උනා.. ඔයාලගේ කොහොමද දන්නේ නෑ? ( ඒ කියන්නේ තව රොම් එකක් ගහන්න හදන කොට මේ රොම් එක බැකප් කරගන්නේ නැතුව තමා ඊළගට තින රොම් එක ගහන්න වෙන්නේ?අවදානමක් ගන්න වෙනවා )


මෙන්න ඒ ජෙලි .100 ස්ක්රින්ශෝට් එකක්..

සෝනි U බෙන්ච්මාර්ක්

                    ඇත්තටම බෙන්ච් මාර්ක් එකෙන් මොකක්ද පෙන්නන්නේ? 4න් එකේ රැම් ග්‍රැපික් ප්‍රොසෙසර් එක Sd කාඩ් එකේ ස්පීඩ් එක වගේ ගොඩාක් දේවල් බලාගන්න පුළුවන් බෙන්ච්මාර්ක් එකෙන්, හැබැයි මේකෙන් 4න් එකේ සව්න්ඩ් කැමරා කොලිටියා වගේ එව්වා නම් පෙන්නන්නේ නෑ.

                    අපි බලමු සෝනි U එක එක අප්ඩේට් වල බෙන්ච්මාර්ක් රිසාල්ට්.. ඔයාලත් බලාගන්න,රිසාල්ට් එක වැඩි වන තරමටම එක හොදයි.

මෙන්න මේවායෙන් බලාගන්න පුළුවන්

 01. AnTuTu Benchmark

02. Quadrant Standard

Tuesday, September 17, 2013

හැම jb රොම් එකක්ම ෆික්ස් අප්ඩේට්

රූට් එක්ස්ප්ලෝරර්              

               ගොඩාක් රොම් වල තින හා විශාලම අව්ල . ඒ තමා කිසිදු රූට් එක්ස්ප්ලෝරර් වෂන් එකක් ඒ ඒ රොම් වලට වැඩ නෑ.. අපි බලමු කොහොමද එක හදාගන්නේ කියලා. මුහුදේ ඉන්නේ එක මාලුවද? නැනේ?  අපි එහෙනම් ඒ වගේම විකල්පයක් බලමු..


               මෙන්න ඒ ෆයිල් මැනේජර් එක  / මේක ෆයිල් මැනේජර් එකක් වගේම රූට් එක්ස්ප්ලෝරර් එකක් විදියටත් වැඩ කරනවා.. දන්නවනේ රූට් එක්ස්ප්ලෝරර් එක නැති උනාම දැනෙන වේදනාව,රොම් එකත් එපා වෙනවා,

                අපි බලමු මේක හදාගන්න හැටි,මේ ෆයිල් මැනේජර් සෙටින් ගිහින් මේ විදියට ටික් දාලා හදාගන්න, එච්චරම තමා..

Sunday, September 15, 2013

සෝනි Z1 කැල්කියුටෙටර්

              මම දෙන්නම් අද Z1 එකේ කැල් එක මේක නම් පට්ටම ඩිසන් ලුක් එකක් තින්නේ.. දාලම බලන්න ඕනා එකට..

ඔන්න එහෙනම් ගන්න HDPI සෙට් එක

ඊළගට ගන්න MDPI සෙට් එක

දාලාම හොද නරක බලලා කියන්න හොදේ,


පවෆුල් JB එක්ස්පිරියන්ස්

               මම ගිය පාර සෝනි U බිල්ඩ් නම්බර් 6.2.A.0.400 / මෙන්න මේ විදියේ ඔර්ජිනල් ජෙලි රොම් එකක් දුන්නා. මේක බට්ට්රි ලයිෆ් එක නම් ටිකක් විතර අඩුයි,එක වැඩි කරගන්නත් ක්‍රම තිනවා.. අද බලමු ඒ කොහොමද කියලා.

                වැඩේ අමාරු නෑ.. මම දෙන්නේ කර්නල් ටිකක්,මේක ෆ්ලෑෂ් කරන්න තමා තින්නේ.. බට්ට්රිය දිගු කාලයක් තියාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, (අන්ද්රොයිඩ් වල බට්ට්රිය ගැන හැමෝම දන්නවනේ)

                මම දෙන්නම් කර්නල් කීපයක්,ඔයාල චෙක් කරලා හොද එකක් දාගන්න.. මන් මේ දෙන කර්නල් ඔක්කොම සෝනි U ජෙලි බින්  6.2.A.0.400  ආපුම කර්නල්..ඒ හින්දා බය නැතුව මේවා දාගන්න  කරන්න පුළුවන්

Saturday, September 14, 2013

ඔෆීෂියල් ඇන්ඩ්රොයිඩ් 4.1.2 ----->> සෝනි U

           අද මම දෙන්නම් ඔෆීෂියල් රොම් එකක්.එහෙම ඔෆීෂියල් රොම් එන්නේ නෑ මේක ඒ උනාට  එකම තමා.U අයට තින ප්‍රශ්නයක්නේ ජෙලි දෙන්නේ නැද්ද කියලා, කවදාවත් එක දෙන්නේ නෑ බය වෙන්න එපා.. ඒ උනාට ජෙලි රොම් වල අඩුවක් නම් නෑ..

           මේකත් රොම් එකක්, සෝනි GO එකට ජෙලි දුන්නනේ ඒකම අරන් සෝනි U එකට ගැලපෙන විදියට තමා මේ රොම් එක හදලා තින්නේ,ඒ කියන්නේ GO එකේ විදියට තමා මේකේ වැඩ කැලි ටික තින්නේ,බය වෙන්න එපා,U එකට ගැලපෙන්න හදලා තින්නේ.

           මේක ගැහුවා නම් ලොවෙත් කාටවත් හොයන්න බෑ U එකට ඔෆීෂියල් ජෙලි ආවේ ද ? නැද්ද  කියලවත් ???? නිකම්ම රැවටෙනවා ඔෆීෂියල් ඇවිල්ලා කියලා,

රොම් එකේ අව්ල් ->  බැක් - හෝම් -  ඔප්ෂන් බටන් 3න එබුවම  හැර අනිත් හැම වෙලාවේම ලයිට් බාර් එක ඕන තැන් වලදී  පත්තු වෙනවා

Wednesday, September 11, 2013

බුට් ඇනිමේෂන් එකයි + සිස්ටම් UI දෙකයි

       මුලින්ම සිස්ටම් UI එක දෙන්නම්..මේක jb සිස්ටම් UI එක බට්ට්රි අයිකන් එක / සිග්නල් අයිකන් එක කියන දෙකම වෙනස් වෙනවා. එකෙත් පොඩි ගතියක් තිනවා

ගන්න

මේක සිස්ටම් --->> ඇප්ස් වලට දාලා පමිෂන් හදන RW- R - R හදලා, ඊට පස්සේ 4න් එක රිබුට් කරන්න

ඔන්න ඔච්චරයි


Infinity™Rom ------>> සෝනි U

            මට හම්බුනා පොඩිම වගේම දැනට හම්බුනා බග් අඩු හොදම රොම් එකක් කියන්න පුළුවන්,4න් එකේ ඉන්ටෆෙස් එක වෙනස් කරන කියපු රෝමක් මේක,ගහල බලන්නම වටිනවා..

            මේකේ පොඩි බග් එකක් තිනවා සෙටින්ග් ---->> සව්න්ඩ් වල ---->> එක්ස් ලව්ඩ් එකට ටික් එක දැම්මට වැටෙන්නේ නෑ..
         
             ඔච්චර තමා අව්ල් වලට තින්නේ, රොම් එක නම් සුපිරි..

  • වැඩි කතාඕන නෑ වැඩේට බහිමු

Saturday, September 7, 2013

තවත් ජෙලි රොම් එකක්

            කාලයක් ස්ටොක් රොම් එකේ ඉදලා දැකලා දැකලා එපා වෙලාම අයෙ රොම් එකක් හොයන්න පටන් ගත්තා... හම්බුනා ඉතින් වෙනදා වගේම හොද රොම් එකක් මගේ රොම් ලිස්ට් එකේ තිලා.

            නිකම් ඉන්න එකනේ,ඇදලා ඇරියා / බැලින්නම් jb රොම් එකක්,මොනවා උනත් මේ රොම් එකේ බග් එහෙම නම් නෑ, කොහොම හැම රොම්එකකම  තින බග් එක තමා ඔය ලයිට් බාර් එක වැඩ නොකරන එක,එක මන් ගහපු හැම රොම් එකකම වැඩ නැනේ, දැන් එක නම් මට ගානක් වත් නෑ,
  
  • මේක ගහන්න ඕනා නම් =  BL අන්ලොක් --->> CWM --->> රූට්  මේ ටික වෙලා තින්න ඕනා.

Friday, September 6, 2013

ZU තීම් පැක් 2

             ඉස්සල්ලා මම මේ තීම් පැක් එකම දුන්නා, හැබැයි එකේ පොඩි බග් එකක් තිබුනා,
මේකේ නම් එහෙම නෑ

ඕන කට්ටිය දාගන්න සෝනි u යට විතරයි හොදේ,

ගන්න 1

ගන්න 2

Boot Animation+Shutdown Animation දෙකම එකට

    මේක නම් නියම දෙයක්,ඇනිමේෂන් දෙකම මේතන තිනවා,ඕන් වෙන්නත් ඇනිමේෂන් ඔෆ් වෙන්නත් ඇනිමේෂන්,

මේ ඇනිමේෂන් එක නම් අමුතු ගතියක් තිනවා,

ඕන කට්ටිය දාගන්න / මේක ඉතින් සෝනි U යට තමා...

බැකප් එකක් දාගෙන කරනවනම් වඩා හොදයි

Wednesday, September 4, 2013

S-FORCE_Front_Surround_Sound

        මේකත් හොද වර්ගයේ සව්න්ඩ් මෝඩ් එකක් නරකම නෑ.. දාගෙන බලන්න,හොදට කන් දෙකට බේස් දන්නෙන්න වදීන මෝඩ් එකක්,මේක U එකක් තමා ටෙස්ට් කරේ, දාගෙන බලන්න.

*** මොනවා කරන්නත් මුලින්ජ් බැකප් එකක් දාගෙන ඉන්න,

ෆ්ලෑෂ් කරන්නේ මෙහෙම යි - සිප් එක චිප් එකට දාලා ---->> රිකවරි ගිහින් සිප් එක තෝරලා දීලා ෆ්ලෑෂ් කරන්න

Friday, August 30, 2013

වින්ඩෝස් අයිකන් පැක්

ඔන්න මම හදපු වින්ඩෝස් අයිකන් පැක් එක.... මේකනම් පට්ටම ලස්සනයි ඕන කට්ටිය දාගන්න, හැදුවේ නම් HDPI/MDPI අයට තමා.... හොදද බලන්නකෝ?*

********මම HDPI නේ මගේ නම් වැඩ... 
 කට්ටිය දාලා හොදද බලන්න හොදේ අව්ල් නම් කියන්න මෙන්න ගන්න
 

Monday, August 26, 2013

JB ලෝක් ස්ක්‍රීන් සෝනි U

කොහොමද මගේ ලෝක් ස්ක්‍රීන් එක හොදයිද"? ලස්සනයිද?


කැමති නම් දාගන්න... ජෙලිබින් මම නම් සෝනි U *****  සෝලා/P වල වැඩ කරන්න පුළුවන්,

දාන්නේ නම් =  CWM වලින් මේ සිප් එක ෆ්ලෑෂ් කරන්න,

Friday, August 23, 2013

සෝනි U ජෙලිබින් ඇල්බම්

මේක ගොඩක් කල් හොයා හොයා ඉදපු එකක් තමා....  මම,ඒ උනාට අහම්බයෙන් වගේ වෙබ් එකක් තිලා හම්බුනා, ***********පින තිනවනම් හම්බෙනවනේ**************

මේක පට්ට ලස්සනයි,මාරම ලුක් එකක් තිනවා බොරු නම් දාලාම බලන්න

සුදුසුකම් - රූට් සහ CWM විතරමයි.... 


Wednesday, August 21, 2013

CM 9/10 SYSTEM UI

මෙන්න නියම සිස්ටම් UI එකක්,වෙනස්ම එකක්...මගේ නම් 100% වැඩ,
ඔයාලත් දාලම බලන්න,

වෙනස වටහාගන්න.

මෙන්න ගන්න

මෙන්න මෙහෙමයි දාන්නේ -----

  • මුලින්ම රූට් එක්ස්ප්ලෝරර් වල ට යන්න

Tuesday, August 20, 2013

පැටන් ගහගෙන කෙල වෙලාද?

අද දෙන්නම් මම පැටන් ගහලා ඒවා වැරදියට ගහගෙන කෙල වෙලා ඉන්න අය උත්තරයක්,



4න් එක ආරක්ෂා කරගන්න කියලා මේ වගේ රට පැටලෙන පැටන් ගහලා,දන්නෙම නැතුව වැරදියට ගහලා අඩන අයට මෙන්න, මේක නම් ගොඩක් අය දන්නවා ඇති.මේ නොදන්නා  අයට,පැටන් එක ගහලා ගහලා අන්තිමට මෙන්න මේක එයි......


Saturday, August 17, 2013

U එකට ගැසූ පට්ට රෝමක්

ඉදලා ඉදලා අන්තිමට බග් නැති හොද ම රෝමක් හම්බුනා, මේක නම් පට්ට, ics රෝමක් හැබැයි,
අව්ල් නම් නෑ හොදයි,

ඕන කරන දේවල් බැකප් එකක් එහෙම තියාගෙන මේක කරන්න,
  • මේකගහන්න නම් - bl අන්ලොක් රූට් cwm නම්

 ලොවෙත් ඕන වෙනවා, වැඩි කතා ඕන නෑ ගහලම බලමු,

මුලින්ම මේ ටික ඩව්න්ලෝඩ් කරගන්නකො,

රොම් එක

කර්නල් එක

GAPPS

ILUMINATION BAR FIX


Sunday, August 11, 2013

සෝනි U අයට රොම් ලිස්ට් එකක්

අද දෙන්නම් කස්ටොම් රෝම් වලට කෙල හල හල ඉන්න පිස්සු බල්ලන්ට බෙහෙතක්,
ඕන ඕන විදියට මේවා චෙක් කරන්න, ලෝක්  Bl + අන්ලොක් BL දෙකම මෙතන තිනවා,

පටන් ගමු........

++++++++++++++++ ජින්ජර්බඩ් රොම් ++++++++++++++

1. Xperia SSpeed

2. TheBrains ROM

3. XPeria Supercharged

4.GB-ROCKS


**********************අයිස්************************

1. King's ROM

2. TheBrains ROM

3.Vision ROM

4.ICS U Clean

5. TheSlim by GEEKTHEBOSS

6. AnbuNogen ROM

7. Infinity ROM


SONY U .184 GB

මේක තමා සෝනි u ගින්ජර්බඩ් 184 FTF එක, මේකේ විශේෂත්වය තමා මේක රූට් කරන්න පුලුවන්,

ඕන කට්ටිය බාගන්නකො 



බුට් ඇනිමේෂන් දෙකක්...... සෝනි U

1. ******** 4.3 ***********

මෙන්න ගන්න ඩොන් ගාලා ෆ්ලෑෂ් කරලා දාන්න cwm වලින්,.. හැබැයි ඇනිමේෂන් එක පොඩ්ඩක් පොඩි,... ඒ උනාට ලස්සනයි,

කැමති කට්ටිය දාගන්නකෝ.
මෙන්න මේක තමා ඔයාලට මන් දුන්නේ, රිවිව් එකකුත් තිනවා,










*********Z බුට් ඇනිමේෂන් එක ************

Saturday, August 10, 2013

සෝනි U අන්ද්රොයිඩ් 4.2.2

පට්ට පට පට.... අන්ද්රොයිඩ් 4.2.2 සෝනි u එකට.. බය වෙන්න එපා තිනවා මේක කස්ටෝම් රෝම් එකක්..
පට්ටම ලස්සනයි ජෙලිම තමා පොඩි අව්ල් නම් ටිකක් තිනවා,කොහොම උනත් හොදයි,
අපි එහෙනම් බලමු


මොනවා කරන්න බැකප් එකක් දාගෙන ඉන්න,


සුදුසුකම් - බුට්ලෝඩර් අන්ලොක්
                 රූට්
                 cwm

එහෙනම් මම ඕන කරන ටික දෙන්නම්...

1. ජෙලි රෝම ගන්නකො

2. gapps

ඔන්න ඕන ටික ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ..


Wednesday, August 7, 2013

ftf වලින් කර්නල් වෙන් කරමු

මන් දෙන්නම් වටිනා දෙයක් ftf එකකින් කර්නල් වෙන් කරන හැටි.. ! මන් කියාදෙන්නේ ftf එකකින් කර්නල් එක විතරක් ගන්න විදිය,

අවශ්‍යතාවය අනුව තමා මන් මේ කියා දෙන එකේ වටිනාකම තීරණය වෙන්නේ,

ක්‍රම 2 ක් තිනවා,

***************** 1 ක්‍රමය *****************

ඔයගොල්ලන්ගේ ftf එකේ සිප් එකෙක් නම් සිප් එකේ ඕපන් කරලා කරන්න, .sin කියන එක තමා කර්නල් එක, එක ඇදලා ගන්න,
ඔයගොල්ලන්ගේ එක ftf එකක් නම් winrar/7zip වලින් එක සිප් එකක්  කරලා ඕපන් කරගෙන කර්නල් එක ඇදලා  ගන්න පුළුවන්.....


මෙන්න මෙහෙම ........


මෝට්රෝලා බුට් ඇනිමේෂන් එකක් U එකට!

මේක නම් පට්ට ලස්සනයි 4න් එකට, පට්ටම ගතියක් තිනවා,හැමතිස්සෙම 4බ් එකේ රිස්ටට් කර කර ඉන්නම යි හිතෙන්නේ,







දාලම බලමු,
වැඩේ ලේසී රූට් කරලා තින්න ඕනා, අමාරු නෑ..

මෙන්න මේක ගන්න,

රූට් එක්ස්ප්ලෝරර් වලින් SYSTEM/MEDIA වලට ගිහින් මේක රීප්ලේස් කරලා මෙහෙම පමිෂන් හදලා රිබුට් කරන්න,

අපි ගියා ඕන්......

කැමති නම් බැකප් එකක් අරන් කරන්න, මමනම් ගත්තේ නෑ....වැඩ මගේ නම්. !

අවදානම සහ සාර්ථකත්වය ඔබ සතුය...

Friday, August 2, 2013

CWM හැදින්වීම

cwm කියන්නේ ක්ලොක් වක් මොඩ් රිකවරි.... මෙතන අපි කතාකරන්නේ එකේ අන්තර්ගතය පිළිබද සවිස්තරාත්මක හැදින්වීම ක්......

ඕන කට්ටිය අරන් බලන්න... හොදට කියවන්න (උපුටා ගැනීම XDA එකේ තුලිනි)

මෙන්න ගන්න


4.3 කුයික්පැනල් එකක්

මේක නම් පට්ටම පැනල් එකක්..... මුළු සෙටින්ග් එකම මෙතන තිනවා....සෙටින්ග් වලට යන්නම ඕනේ නෑ වගේ.....ඕන කට්ටියා දාලා බලන්න..... සියලු අවදානම් ඔබ සතුවේ.... 


මොනවා කරන්නත් බැකප් එකක් අරන් ඉන්න

install ---- cwm වලින් ෆ්ලෑෂ් කොරන්ඩ

ෆ්ලෑෂ් කරලා ඔන් වුනාම උඩින් බාර් එක ඇදලා බලන්න , හොදද කියලා

මෙන්න ගන්න



සෝනි U ගේම් LIST + CHAINFIRE 3D

මෙන්න සෝනි U එකේ සුපිරියටම වැඩ කරන ගේම් ලිස්ට් එකක්.... පිළිවෙලට ගහගෙන යන්නකෝ? %$%#$@

1. GT Free+ (tested ICS)
2. NFS Hot Pursuit (tested ICS)
3. NFS Shift [REQUIRES ROOT+CF3D
QUALCOMM PLUGIN] (tested ICS)
4. N.O.V.A 3 (tested ICS)
5. Asphalt 7: Heat (tested ICS)
6. Frontline Commando (tested ICS)
7. Asphalt 6: Adrenaline [REQUIRES ROOT
+CF3D QUALCOMM PLUGIN]
8. The Adventures of Tintin (tested ICS)
9. The Sims 3
10. The Sims Freeplay (tested ICS)
11. GTA III: 10th Anniversary
12. Dead Trigger (tested ICS)
13. Shadowgun (tested ICS)
14. Max Payne Mobile
15. FIFA 12

සෝනි U /Gb රූට්

සෝනි U කාරයෝ දන්නවනේ ics වල තින ලොකුම අව්ල මොකක්ද කියලා...
  • අදික ලෙස රැම් එක කනවා තමා ඉතින් (ඒ කියන්නේ 4න් එක හෙන ගහන්න වගේ ස්ලෝ)

මේකට විසදුමක් තමා GB රූට් කරලා  කස්ටමයිස් කර කර ඉන්න එක...
මේකට උත්තරේ මන් ලෝකේ පෙරලා පෙරලා හෙව්වත් කොහෙවත් තිබුනේ නෑ..
අන්තිමට බුකියේ කොල්ලෙක් මේකට උත්තරේ මට දුන්නා..........

මෙන්න කරන විදිය/ මේක කරන්න නම් 3.184 හරි 1.564 හරි තින්න ඕනා,

********* 3.184

*******1.564


සුපිරි සිංහල

පට්ට බාන්ඩයක් අද දෙන්නම්... මේක තමා මට එදා මෙදා තුර හම්බුනා හොදම සිංහල ෆොන්ට් එක,කියලා වැඩක් නෑ සිංහල ගැන නම්... මම නම් ජින්ජර්බඩ් නේ,රටක් වටිනවා අනිත් ඒවාට කොහොමද දන්නේ නෑ..(ics/jb/අනාගතයේ එන කි ලයිම් පි )
මෙන්න ෆොන්ට්  එක, 
සිස්ටම් ඇප් වලට දාලා රීප්ලේස් කරන්න නම් යන්න එපා පුරුද්දට වගේ,
බැකප් එක මුලින් දාගෙන මේක කරන්න,

මේක දාන්න වෙන්නේ ෆොන්ට් ඉන්ස්ටෝලර්  එකෙන්..(ඒ කියන්නේ ඉංග්‍රීසි ෆොන්ට් එකත් වෙනස් වෙනවා)

Monday, July 22, 2013

ලෝන්චර් සෙට් එකක්......!

මට හම්බුනා හොද ලෝන්චර් සෙට් එකක් තමා අද මන් දෙන්න යන් නේ,මට නම් GO එක පෙන්න බෑ.
ඊට වඩා මේවා නම් හොදයි....... ගන්න දාන්න බලන්න.........

1.Aviate Alpha ලෝන්චර්

2. Black තීම්

3. Next ලෝන්චර් 

4. SGS3 ලෝන්චර්

5. Smart ලෝන්චර්

ඔන්න මට හම්බුනා හොදම ටික.......

ගැලැක්සි y අන්රුට්

රූට් කරම වොරන්ටි නැති වෙනවා වගේම තමා අන්රුට් කරමා වොරන්ටි අයේම ලැබෙනවා....
ඉතින් අන්රූට් කරන්නේ කොහොමද මෙන්න මෙහෙම....
කව්ද අන්රුට් කරන්න කැමති,.. රූට් වල වාසි දැක්කම මොන අන්රුට් ද....? 
ඒ උනාට කමක් නෑ බලමු.

ගන්න මේක 

කරන්නේ මෙහෙම

1. Just Download Unroot.zip File
2. Save it in the root of SDCard.
3. Restart into Recovery mode [Shutdown and Hold (Volume Up + Power Button + Home Button) at once for few Seconds
4. Select "Choose zip from sdcard
5. Select Unroot.zip and Proceed.
6.Reboot System Now
7.Enjoy


ඔන්න ඔච්චරයි........
අපි ගියා ඕන්.



සෝනි Z ලෝන්චර්

මේක මන් හෙන ගේමක් දීලා හොයා ගත්තේ,
පට්ටම ලස්සනයි... 4න් එකේ මෙනු එක හතර වටේටම බැලුවත් ලස්සනයි,ස්පීඩ්.
සෙටින්ග් වලින් තැන් කැමති කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්,. ඇප් රිසයිස් කරන්නත් පුළුවන් ඕන විදියකට දාලා බලන්න,
නොර්මල් ඉන්ස්ටෝල් කරන්න ......

ඔන්න අරගන්න .........


හොද නම් කෝමෙන්ටුවක් දාන්නහොදේ....

සෝනි U නෙක්සස් බුට් ඇනිමේෂන්

අද දෙන්නම් පට්ට බුට් ඇනිමේෂන් එකක්........ මේක නම් පට්ටම ලස්සනයි කියලා වැඩක් නෑ.
4න් එක හැමතිස්සෙම ඕන් කරන්න හිතෙනවා දාලම බලන්න,
ලස්සන ගැන නම් කියලා වැඩක් නෑ....
ටෙස්ට් කොරේ නම් සෝනි U එකක...
ඔන්න ගන්න

ගත්ත වගේ නෙමෙයි මේක cwm වලින් ෆ්ලෑෂ් කරලා දාලම බලන්න......
හොද නම් අදහසක් දාන්නකෝ.?



Sunday, July 21, 2013

Y එකට තව රෝම් එකක්

අද දෙන්නම් තව පට්ට රොම් එකක් මේක තමා y එකට ආපු හොදම රෝම් එකක්,
ගහලා බලන්නකෝ...... වැඩ ලස්සනයි, රැම් එක කන්නෙත් නෑ,, පොඩ්ඩක්වත් 4න් එකේ ස්ලෝ වෙන්නෙත් නෑ.. මේ රොම් එක ජෙලි වල සහ  අයිස් වල එකතුවක්.

*****අවදානම දැරීම සහ වෙන සියලු වැරදි වලට වග කියනු නොලැබේ.
මෙය නිවරදදිව ඉටු කිරීම ඔබ සතු කාර්යයක් වේ....
  • මේක කරන්න රූට් කරලා තින්න ඕනා,

ෆේස්බුක් හෝම්

මේක කාලයකට ඉස්සර ෆේස්බුක් එකෙන් නිකුත් උනේ,හෝම් එක අසාර්ථක විඅමට හේතුව උනේ නම් බර්ර්ටිය ටිකක් බොන්න පටන් ගත්තා, ඒ උනාට මේකේ ලස්සනෙන් නම් අඩුවක් උනේ නෑ....
මේක ඇත්තටම ලෝන්චර් එකක්., මේකේ වැඩ බලන්න නම් 4න් එකේ නෙට් ඕන කරලා තින්න ඕනා,
මේක අන්ස්ටෝල් කරාමත් සමහර වෙලාවට වැඩ කරනවා, එක තමා මේක අව්ල් ගියේ......

කැමති කට්ටිය දාලා  බලන්න,/./.......






Friday, July 19, 2013

Y එකට ජෙලි රෝම් එකක් ගහමු.......

අද දෙන්නම් y එකට පට්ට රෝම් එකක්. අප්ඩේට් නැති y එකට මේකමහමෙරක් වගේ වෙයි..... අන්ද්රොයිඩ් 4.2.2
පට්ට වැඩ කැලි තොගයක් මේකේ තින්නේ කරලම බලන්න,අවදානය ඔබ සතු වේ.

**************************************************************
4න් එක රූට් කරලා තිබ්බම හොදටම ඇති,ඔයාලට ඕනා වටිනා කියන හැම දෙක බැකප් කරගන්න,මැසේජ් කන්ටැක්ට් වගේ දේවල්....... ඊට පස්සේ
4න් එකේ දැන් තින රෝම් එකේ බැකප් එකක් ගන්න cwm වලින්....... 
ගන්නේ මෙහෙමයි .
මෙන්න මේ සිප් එක ෆ්ලෑෂ් කරලා එන මෙනු එකෙන් බැකප් එකක් ගන්න,
දැන් මෙන්නමේ ටික බාගන්න,

රොම් එක බාගන්න  119MB

දැන් මෙන්න මේ ටික පිළිවෙලට පැහැදිලිව කරන්න,

4න් එක ඔෆ් කරලා VOLM UP+HOME බටන්  + LOK බටන් එක ඔබල රිකවරි යන්න.

  • apply upadet from sd card
  • මුලින්ම ගත්ත cwm සිප් එක ෆ්ලෑෂ් කරන්න,
  • wipe cache
  • wipe cache partition
  • mount internal strong
  • දැන් ඔයාල බාගත්ත රෝම් එක ඉන්ස්ටෝල් කරන්න,
  • රෝම් එක ඉන්ස්ටෝල් උනාම එන මෙනු එකෙන් තැනට ඕනා දේවල් විතරක් ච්ලික් කරන්න,(පරිස්සමෙන් ඒ මෙනු එකේදී වැඩ කරන්න)
  • ඊට පස්සේ ඉ මෙනු එකේම තින රීබුට් එකේ ක්ලික් කරලා රීබුට් වෙන්න දෙන්න 4න් එක.
  • විනාඩි 5-6 යනකොට 4න් එක බුට් වෙයි,
 මේකත් බලලම ගහන්න අනිවා බලන්න

ගැලැක්සි y යට වටිනා කියන වෙබ් එකක්.... කැමති නම් බලන්න.

ඊට පස්සේ ජෙලිකාලා බලන්න

Thursday, July 18, 2013

පට්ට තීම් පැක් දෙකක්

අලුත්ම භාන්ඩ දෙකක් තමා අද දෙන්නේ මම,
මුලින්ම දෙන්නම් Z තීම් පැක් එක මේක තමා දැනට මම යුස් කරන්නේ.
දකිනකොටත් ආසයි.. ඔයාලත් දාලා බලන්න,

මෙන්න මේක අරන් cwm වලින් ෆ්ලෑෂ් කරන්න,



*****************************************************************************************************************************************************************************

අනිත් එක තමා සෝනි ZU තීම් පැක් එක, එකත් මේකට දෙවැනි නෑ.
මෙන්න 1
මෙන්න 2

මෙන්න මේ දෙකම එක පාර (සිප් දෙකම) cwm වලින් ෆ්ලෑෂ් කරන්න,



කැමති එකක් දාගන්න,
අපි ගියා ඕන්...........

ACID NEW NEW 4.0

අද දෙන්නම් acid වල අලුත්ම අප්ඩේට් එක,
මේක නම් මොබයිල් ඩොල්බි, ඇතුළු විවිද පහසුකම් තොගයක් මේකන් දෙනවා,

පට්ට බේස්,කන් ආදී පැලෙන්න වගේ මගේ නම්,

මෙන්න මේකඅරන් cwm වලින් ෆ්ලෑෂ් කරලා හොද නරක බලන්නකෝ?

නරක නම් නෑ හොද තමා ඉතින්,

නැවත හමුවෙමු, සුබ්බ ගමන්.........

කර්නල් ෆ්ලෑෂ් කරමු ********* 2 කොටස

අද දෙන්නම් කර්නල් ෆ්ලෑෂ් කොරන්ඩ ලේසිම සහ පහසුම ක්‍රමය,
ගන්න මේක

මේක එක්ස්ට්‍රක්ට් කරලා මේක ඇතුලට තමන්ට ඕන කර්නල් එක දාලා CMD එක රන් කොරන්ඩ,
එච්චරයි,
මේක කරන්නේ 4න් එක ෆාස්ට්බුට් විදියට කනෙක්ට් කරලා හොදේ,
මොනවා කරන්නත් බැකප් එක දාගෙන ඉන්න,